Hot Posts

6/recent/ticker-posts

අස්වැසුම අයදුම්කරුවන්ට දැනුම්දීමක්


අස්වැසුම අයදුම්කරුවන්ට දැනුම්දීමක්

අස්වැසුම අයදුම්කරුවන්ට දැනුම්දීමක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක්  දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන කාල සීමාව 2024.12.09 දක්වා දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර ඇත.

අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මෙතෙක් අයදුම් කිරීමට නොහැකි වූ පවුල් සහ තැනැත්තන් හට ඊට අයදුම් කිරීම සඳහා 2024.11.25 දින සිට 2024.12.02 දක්වා සහන කාලයක් මීට පෙර ලබා දී තිබුණා.

රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙලෙස කාලය නැවත වරක් දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.


අස්වැසුම අයදුම්කරුවන්ට දැනුම්දීමක්


Post a Comment

0 Comments