Hot Posts

6/recent/ticker-posts

පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු අද විවෘත කෙරේ.

පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු  විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි අද (01) කටයුතු කර තිබෙනවා.


වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා තිබූ අතර යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මාර්ගය මෙතෙක් මහ ජනතාවට විවෘත නොවූ බවයි සඳහන වෙන්නේ.


මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කළ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කර තිබුණා.


ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදු කරන ලෙස  ජනාධිපති අනුර කුමාර දිසානායක ආරක්ෂක අංශවලට දැනුම් දුන් අතර ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ  මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරිමට පියවර ගෙන තිබෙනවා.


Post a Comment

0 Comments