රාජ්‍ය පාලනය ගැන නිසි අවබෝධයක් නොමැතිවීම හේතුවෙන් වත්මන් ආණ්ඩුව අපහසුතාවට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසනවා.
එදා අපට හොරු බවට පවසා ලේබල් ගහපු අය විසින්ම හොරා යන ලේබලය අයින්වී ඇති බවක් පරීක්ෂණ කටයුතු සඳහා යන සෑම වතාවකම පෙනෙන්නට ඇති බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
බලය බෙදීමට, අලුත් ව්‍යවස්ථා ගෙන ඒමට ආණ්ඩුව කතා කරන බවත් ඊට පෙර පාස්පොට් ලබාදීමට කටයුතු කරන ලෙසයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ.

0 Comments