නීති විරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතා කිරීමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ බන්ධනාගාර රෝහල වෙත මාරුකර තිබෙනවා.
පසුගිය 31 වැනිදා මිරිහාන පොලීසිය මගින් මහනුවර, කටුගස්තොට ප්‍රදේශයේදී ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගනු ලැබූවා.
එදින රාත්‍රියේ මිරිහාන පොලිස් ස්ථානයේ සිට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඔහු රැගෙන ආ අතර, එහිදී නොවැම්බර් මස 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
කෙසේ නමුත් එහිදී ලොහාන් රත්වත්තේ හට ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාර රෝහල වෙත යාමට නුගේගොඩ වැඩබලන මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ.

0 Comments